Home » දුශ්ශීල භික්ෂූන්ට එරෙහිව ගන්නා විනය ක්‍රියා ගැන  ප්‍රචාරයක් නෑ -නාරම්පනාවේ ආනන්ද නාහිමි

දුශ්ශීල භික්ෂූන්ට එරෙහිව ගන්නා විනය ක්‍රියා ගැන  ප්‍රචාරයක් නෑ -නාරම්පනාවේ ආනන්ද නාහිමි

by admin
July 10, 2023 1:00 am 0 comment

දුසිල්වත් භික්ෂූන් වහන්සේ සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ලබාදෙන ප්‍රචාරය එවැනි හිමිවරුන් සම්බන්ධයෙන් සංඝ මූලස්ථානය ගන්නා ධර්ම විනයානුකූල ක්‍රියමාර්ග සම්බන්ධයෙන්ද ලබා නොදෙන බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
ශාසනික වශයෙන් යම් විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ විට එම හිමිනම අයත් නිකාය මගින් පරීක්ෂණයක් සිදුකර ශාසනික වරප්‍රසාද අහිමි කිරීම දක්වා වූ ක්‍රියාමාර්ග ගන්නා නමුත් ඒවා සමාජගත නොවන්නේ යැයි ද උන්වහන්සේ අවධාරණය කරති.
බුදුන් දවස පටන් ශාසනය තුළ විනය විරෝධී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේ සිටි බවත් බුදුන් වහන්සේට නොයෙකුත් විනය ශික්ෂා පැනවීමට සිදුවූයේ ඒ නිසා බවත් ආන්න්ද නාහිමියෝ පැවැසූහ.
තිස් දහසක් පමණ වන මෙරට මහා සංඝරත්නය අතර විනය විරෝධී ක්‍රියාවන්හි නිරත දුසිල්වත් භික්ෂූන් ඉතා සුළු පිරිසක් සිටිය හැකි බවත් එවැනි අය කරන ක්‍රියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ලබාදෙන ප්‍රසිද්ධිය සිල්වත් භික්ෂූන් වහන්සේලා සිදුකරන අප්‍රමාණ වූ යහපත් ක්‍රියා සම්බන්ධයෙන් ලබා නොදීම කනගාටුවට කරුණක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මේ වනවිට රටේ වකුගඩු බද්ධයන් දෙදහසක් පමණ සිදුකර තිබෙන බවත් එම රෝගීන්ට වැඩියෙන්ම වකුගඩු පරිත්‍යාග කර තිබෙන්නේ භික්ෂූන් වහන්සේලා බවත් කී උන්වහන්සේ එවැනි උතුම් ක්‍රියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ලබාදුන් ප්‍රචාරයක් නැතැයි ද අවධාරණය කළහ.
භික්ෂූන් වහන්සේ ඉතාම සුළු පිරිසක් සිදුකරන විනය විරෝධී ක්‍රියා පදනම් කර ගනිමින් සමස්ත ශාසනයට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව අවධියෙන් පසුවිය යුතු බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ ප්‍රකාශ කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT