Saturday, May 10, 2025
Home » කොච්චර තප්පුලෑවත් සජිත් රනිල් සමඟ තරගයට යන්නේ නෑ

කොච්චර තප්පුලෑවත් සජිත් රනිල් සමඟ තරගයට යන්නේ නෑ

by admin
July 10, 2023 12:25 am 0 comment

සජිත් ප්‍රේමදාස මහතා කොච්චර තප්පුලෑවත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තරඟයට යන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණයේත් සමඟි සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ඩලස් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ කුලියාපිටියේ පැවැති රැස්වීමක් අමතමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නැති බව මම හූනා කියන්නා වගේ කියන්නම්. සජිත් මහත්තයා ආසයි බයයි නොවේ බයයි. අකිල විරාජ් මහතා සංස්කෘතික ඇමැතිනේ. සංස්කෘතික ත්‍රිකෝණයේ සියලුම කැණීම්වලට යන්නේ කුරුණෑගලින් බස් අරගෙන අපේ අය උදේට මේ දෙස බලාගෙන ඉන්නවා. කුරුණෑගල එවුන් උදලු පාරක් ගහනවිට කියන්නේ අකිල මැතිතුමාට පින් සිදුවන්න කියලා.
අනුර කුමාරයාගේ කටේම තිබෙන්නේ හැරිසන් හොරා කියලයි. නිකන් හොරා නොවේ හරක් හොරා කියලයි කියන්නේ. යකෝ මම හොරකම් කරලා තිබෙනවා නම් පොලිසියේ පැමිණිල්ලක් දාලා උසාවියේ නඩුවක් දාපන්කෝ. අනුර කුමාර අඳින පලඳින ඇඳුම්වල ප්‍රමාණ ඕස්ට්‍රේලියාවේ අය දන්නවා. අම්මපා මේ මුන් ඒ කාලේවත් සල්ලිවලට යමක් අරගෙන කෑවේ නැද්ද, අනුරලා අනුන්ගෙන්ම කාලා තිබෙන්නේ. මේ අයගේ ගෑනුන්ටත් අනුන්ද සලකන්නේ නැත්නම් අනුන්ගේ ගෑනු ගෙනැල්ලාද මේ අය තියාගෙන සිටින්නේ යැයි ද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT