Sunday, May 11, 2025
Home » බස් අනතුර වළක්වා ජීවිත බේරාගත් සෙබළා අගමැතිගේ පැසසුමට

බස් අනතුර වළක්වා ජීවිත බේරාගත් සෙබළා අගමැතිගේ පැසසුමට

by chanaka
July 10, 2023 4:56 pm 0 comment

මහනුවර – මහියංගනය බස් අනතුර වළක්වා ජීවිත බේරාගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ බී.ආර්.කේ.එල් කරුණාරත්න කෝප්‍රල්වරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව අද(10) හමුවිය.

2023.05.26 දින බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා රියදුරු අසුනින් ඉවතට විසි වී ඇති අතර මීටර් පනහක් පමණ දුරක් රියදුරු නොමැති වූ බස් රථය ගමන් කර තිබේ.

එම අවස්ථාවේදී බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා සෙබල කෝප්‍රල් වරයා වහාම ක්‍රියාත්මක වී රියැදුරු නොමැතිව විශාල බැවුමකට ධාවනය වෙමින් තිබු බස් රථය මහත් පරිශ්‍රමයක් දරා පාලනය කර නවත්වා ගැනීමට සමත්වීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනීමට හැකිවිය.

මෙම සිද්ධියේ දී  එම බස් රථයේ ගමන් ගත් පනහකට අධික මගී ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ කෝප්‍රල්වරයාගේ වීර ක්‍රියාව අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT