Home » කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ජාතන්තර සමුළුවක්

කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ජාතන්තර සමුළුවක්

by chanaka
July 10, 2023 3:58 pm 0 comment

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මූලිකත්වයෙන්, අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පසුගියදා (07) පැවැත්වුණි.

සූම් ඔස්සේ එය පවත්වන ලදී.

අමෙරිකා එක්සත් ජනපදය,එක්සත් රාජධානිය,ඊශ්‍රායලය,ජර්මනිය,ඉතාලිය, ආජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව,ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කොරියාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක විෂය භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම සමුළුවට සහභාගී විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද මීට සහභාගි විය.

කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම මර්දනය කිරීමට ලොව සියලු රටවල් එක්ව කටයුතු කළ යුතුය යන සංකල්පය ඔස්සේ ජාත්‍යන්තර සම්මුතියකට එළඹීම මෙහි අරමුණ වුණි.

දැනට කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර පවතින රටවල් සහ වෙළඳපල තුළ කෘත්‍රිම මත්ද්‍රව්‍ය අලෙවි වුවද නිෂ්පාදනාගාර නොපවතින රටවල් ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලොව රටවල් වර්ග කළ හැකි බවත්, නිෂ්පාදනාගාර පවතින රටවල් එම නිෂ්පාදන කටයුතු වැළැක්වීම සඳහාත්, දැනට නිෂ්පාදනාගාර නොපවතින රටවල් එවැනි නිෂ්පාදනාගාර ඇතිවීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද,
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ලොව රටවල් දැනට භාවිතා කරනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් සහ මෙවලම් රට රටවල් අතර හුවමාරු කර ගැනීම තුළින් මෙම නිවාරණ කටයුතු වේගවත් කළ හැකි ආකාරය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කිරිම ඇතුළු තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක් සහ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සහභාගී වෙමින් මෑතකදී පැවති පුළුල්තම ජාත්‍යන්තර සාකච්ඡාව මෙය වන අතර රටක් ලෙස ශ්‍රී ලංකාව ද මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට එකඟ විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT