Saturday, May 10, 2025
Home » මී කඩන්න ගිය දෙදරු පියා වන අලියාට බිලි

මී කඩන්න ගිය දෙදරු පියා වන අලියාට බිලි

by admin
July 10, 2023 1:00 am 0 comment

උට්ටිමඩුව වසමේ සියඹලෑව වන රක්ෂිත‍යේ ඉකුත්දා (07) උදෑසන මී පැණි කැඩීමට ගිය පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමකින් මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ උට්ටිමඩුව, වන්නම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වූ හසිත සඳරුවන් නමැති දෙදෙරු පියෙකි. මියගිය අය තවත් මිතුරන් තිදෙනකු සමඟ වන්නම්කුලම ග්‍රාමයේ සිට සියඹලෑව කැලයට එදින උදෑසන 9.00 ට පමණ මී පැණි කැඩීමට ගොස් ඇත. එහිදී පිටුපසින් පැමිණි වන අලියෙකු එකවරම පහර දී ඇත. එහිදී එක් පුද්ගලයෙකු වන අලියාගේ ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර අනෙක් පුද්ගලයන් තිදෙනා කැලයෙන් දිවගොස් දිවි බේරාගෙන තිබේ.
තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

මරදන්කඩවල සමූහ කේ. එස්. කරුණාරත්න හා තිරප්පනේ – දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT