වතු කම්කරු කතුන් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (9) සවස දුනුකේදෙණිය, කිරිදිකැටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් සියල්ලන් තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලිසිය පවසයි.
අනතුරුට පත් වන අවස්ථාවේ බස් රථයේ කතුන් 26 කු පමණ ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
වටගොඩ වතුයායේ වැඩ කිරීම සඳහා වැවහේන ප්‍රදේශයේ පිරිසක් රැගෙන ගොස් ආපසු වැඩ අවසන්ව ඔවුන් නිවෙස් බලා රැගෙන ගිය බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, මේ සම්බන්ධයෙන් පුඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නුවරඑළිය සමූහ – චන්ද්‍රසිරි මහගම නෝර්වුඩ් රන්ජිත් රාජපක්ෂ