Home » ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට 13ක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට 13ක්

by admin
July 10, 2023 1:00 am 0 comment

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ාලිත ප්‍රනාන්දු හා ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරු සමඟ.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවෝ 8ක් සහ ක්‍රීඩකයෝ 5ක් ඊයේ (9) තායිලන්තය බලා පිටත්ව ගියහ. මේ මස 12 සිට 16 දක්වා බැංකොක්හි සුපචලසායි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 42කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600ක් පමණ සහභාගී වෙති. අවස්ථා 3කදී හැර පැවති සෑම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකටම ශ්‍රී ලංකාව සහභාගී වී ඇති අතර, එහිදී රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 21ක් (මුළු පදක්කම් 58ක්) දිනාගෙන තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් දිනූ දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන යුපුන් අබේකෝන් පෞද්ගලික හේතුවක් මත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී නොවන අතර, බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක තරග තහනම හේතුවෙන් මේ තරගාවලියට සහභාගී නොවේ.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

පිරිමි – අරුණ දර්ශන, රජිත රාජකරුණා (මීටර් 400, 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), කාලිංග කුමාරගේ, පබසර නිකූ, පසිඳු කොඩිකාර (මීටර් 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම)

කාන්තා – නදීෂා රාමනායක (මීටර් 400, 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ මීටර් 1500), තරුෂි කරුණාරත්න (මීටර් 800, මීටර් 400, 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), සයුරි මෙන්ඩිස් (මීටර් 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), නිෂේන්ද්‍රා ප්‍රනාන්දු (මීටර් 400 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), සාරංගි සිල්වා (දුර පැනීම), රන්දි කුරේ (තුන් පිම්ම), නදීෂා ලේකම්ගේ (හෙල්ල විසිකිරීම)

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT