අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව ශතකලාභියා බවට පත්වීමට ජා ඇළ ක්‍රිස්තුරාජ විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු රිෂ්මිත නෝනිස් සමත් විය.
පළමු වටයේ තරගයකදී කිරිඳිවැල මධ්‍ය මහා විදුහලට එරෙහිව රිෂ්මික නෝනිස් නොදැවී මේ ද්විත්ව ශතකය වාර්තා කළ අතර, එහිදී ඔහු පන්දු 92කදී හතරේ පහර 23ක් සහ හයේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 219ක් රැස් කළේය.
මේ තරගයෙන් ජා ඇල ක්‍රිස්තුරාජ විදුහලට ඉනිමක සහ ලකුණු 108ක ජයක් හිමි වූ අතර, තවත් තරගයකදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලය වත්තල සාන්ත අන්තෝනි විදුහල ඉනිමකින් සහ ලකුණු 32කින් පරාජය කිරීමට සමත් විය.
කටුගස්තොට සාන්ත අන්තෝනි, යක්කළ ශ්‍රී චන්ද්‍රජෝති සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළේය.
ක්‍රිස්තුරාජ විදුහලට ඉනිමක ජයක්
ක්‍රිස්තුරාජ පළමු ඉනිම – 302/5 (ඕවර 25) රිෂ්මිත නෝනිස් නොදැවී 219 (නිපුන් නෙත්සර 63/2)
කිරිඳිවැල ම.ම.වි පළමු ඉනිම – 127 (ඕවර 46.4) සකුල් ඩිල්ෂාඩ් 66 (හසිත ලක්ෂාන් 18/6) සහ දෙවැනි ඉනිම – 67 (ඕවර 23.4) (සයුරු ආකාෂ් 6/5, ළහිරු ලක්මාල් 33/5)
කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට ඉනිමක ජයක්
ශ්‍රී ධර්මාලෝක පළමු ඉනිම – 179/4 (ඕවර 29) සේනුක පැහැසර 49, තරුෂ මිහිරනාග 43, සවීන මන්විදු 23
වත්තල සා. අන්තෝනි පළමු ඉනිම – 37 (ඕවර 37.5) (හේෂර නෙත්සුක 17/4, පන්සිළු මල්ෂාන් 11/2, කෝෂිත ආදිත්‍ය 18/2) සහ දෙවැනි ඉනිම – 69 (ඕවර 20) ආකිබ් සර්හාන් 25 (කෝෂිත ආදිත්‍ය 12/4, චනුල් මෙත්සිත 6/2, විපුන් සසංක 9/2, පන්සිළු මල්ෂාන් 26/2)
කටුගස්තොට සා. අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජය
සා. අන්තෝනි පළමු ඉනිම – 200/8 (ඕවර 55) කවීෂ සමරතුංග 65, සිසල් හේමක 51, හසඳ සේතුංග 25 (නෙතිල් සේනානායක 25/2)
ත්‍රිත්ව පළමු ඉනිම – 177 (ඕවර 45.1) සෙනිර මැණික්ගමගේ 68, මොහොමඩ් ඩාවුඩ් 40, ජනිඳු ලියනගම 23 ( හංසන එදිරිසිංහ 33/3, සනිතු ගුණතිලක 17/2, සිසල් හේමක 30/2)
ශ්‍රී චන්ද්‍රජෝති විදුහලට
පළමු ඉනිමේ ජය
ශ්‍රී චන්ද්‍රජෝති පළමු ඉනිම – 186/8 (ඕවර 55) භානුක කාවින්ද 89 (ඩෙවොන් අවිශ්ක 14/2, චතිෂ් ටිරේෂ 26/2)
බැසිලිකා පළමු ඉනිම – 152 (ඕවර 41.2) නෙත්මික සිල්වා 47, චතිෂ් ටිරේෂ 38 (ගගන නිසල් 40/4, කණිෂ්ක ගිම්සර 12/2, සදීෂ ඉඳුවර 40/2)
සා. ඇලෝසියස් විදුහලට පළමු ඉනිමේ ජය
අම්බලන්ගොඩ ධර්මාශෝක පළමු ඉනිම – 100 (ඕවර 39.4) (ජනිත් අකේන් 19/4, හිවිරු නිම්තරණ 13/2, මනිඳු පබසර 13/2) සහ දෙවැනි ඉනිම – 75/5 (ඕවර 13) හිවාන් දිල්මික නොදැවී 34
සා. ඇලෝසියස් පළමු ඉනිම – 101/9 (ඕවර 46.2) ජනුග චාමික 30 (තමිඳු කවීෂර 16/16, රුසඳු තස්නක් 17/2) සහ දෙවැනි ඉනිම – 51/4 (ඕවර 4) ජනුග චාමික 25
ඉෂානි යද්දෙහි