1.1K
භික්ෂූන් වහන්සේලාගේ විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කථිකාවක් පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවැසීය.
එහි අවසන් කෙටුම්පත මේ වන විට මහ නාහිමිවරුන්ගේ නිරීක්ෂණය සඳහා ලබා දී ඇති බව ද පැවසූ ලේකම්වරයා ඒ පිළිබඳ මහ නාහිමිවරුන්ගේ අදහස් සහ යෝජනා ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
උපාලි කරුණාරත්න