ලෝක ධනපතියන් අතර ඉදිරියෙන් සිටින එලොන් මස්ක්ගේ ‘වට්ස්ඇප්‘ යෙදවුමට අභියෝග කරමින් ෆේස්බුක් හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ලොවට හඳුන්වා දුන් ‘ත්‍රෙඩ්ස්‘ යෙදවුම මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ලොවට හඳුන්වා දුන් මේ යෙදවුම දින 5ක් ඇතුළතදී වාර්තාගත මිලියන 100ක පරිශීලකයෝ එක්රැස් කරගැනීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මීට පෙර අඩුම කාලයකදී වැඩිම පරිශීලකයන් පිරිසක් එක්රැස් කරගැනීමට සමත් වීමේ වාර්තාවට හිමිකම් කියනු ලැබූ කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ චැට් GPT යෙදවුම වන අතර, එය මිලියන 100ක පරිශීලකයන් පිරිසක් ඒකරාශි කරගෙන ඇත්තේ මාස දෙකක කාලයක් ඇතුළතදීය. මස්ක් සහ සකර්බර්ග් අතර ධනපතියන්ගේ සටනක් බවට පත් වීමේ පෙරනිමිති පහළ වුවද, මේ වන විට සකර්බර්ග් හඳුන්වා දුන් ‘ත්‍රෙඩ්ස්‘ යෙදවුම විස්මයජනක අයුරින් ජනප්‍රිය වෙමින් තිබේ. ලොව පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය ටික් ටොක් යෙදවුමට මිලියන 100ක පරිශීලකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට මාස 9ක කාලයක් ගත වී ඇති අතර, ඉන්ස්ටර්ග්‍රෑම් යෙදවුම මිලියන 100ක පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් කරගනු ලැබුවේ වසර දෙකහමාරක කාලයකට පසුවය.