Thursday, May 15, 2025
Home » ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහ කොමසාරිස්ට සික් බෙදුම්වාදීන්ගෙන් තර්ජන

ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහ කොමසාරිස්ට සික් බෙදුම්වාදීන්ගෙන් තර්ජන

by gayan
July 11, 2023 1:00 am 0 comment

ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වන මන්ප්‍රීට් වෝහ්රාට එරට කලිස්තාන් අන්තවාදීන්ගෙන් තර්ජන එල්ල වී ඇතැයි ‘දි ඔස්ට්‍රේලියා ටුඩේ‘ පුවත් සේවය වාර්තා කළේය. මෙල්බර්න් නුවර ඉන්දීය කොන්සියුලර් ජනරාල් සුෂිල් කුමාර්ට එවැනි තර්ජන එල්ල වී ඇතැයි එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. සික් බෙදුම්වාදීන්ගේ සංවිධානයක් වන කලිස්තාන් වෙනම රාජ්‍යයක් උදෙසා සටන් වදිමින් සිටින අන්තවාදී කණ්ඩායමක් වන අතර, රටවල් රැසක ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයන්ට තර්ජන එල්ල කරමින් සිටින කණ්ඩායමක් බව කියැවේ.

පසුගිය කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේ සිදු වූ කලිස්තාන් අන්තවාදීන්ගේ ප්‍රහාර සැලකිල්ලට ගනිමින් සහ ‘දි ඔස්ට්‍රේලියා ටුඩේ‘ පුවත් සේවයේ වාර්තාව සැලකිල්ලට ගනිමින් නිවේදනයක් නිකුත් කර ඇති ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එරට වෛරී ප්‍රකාශයන්ට හෝ ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවය. එරට සිටින රාජ්‍යතාන්ත්‍රික සහ කොන්සියුලර් දූත පිරිස හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වියානා සම්මුතිය යටතේ දැඩි අවධානය යොමු කර ඇතැයි සඳහන් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සිටින රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්ට සිදුවන ඕනෑම තර්ජනයක් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT