එළිසබත් රැජනගේ රූපය අඩංගු කර තනන ලද ලක්ෂ 66කට අධික වටිනාකමක් ඇති ඔස්ට්‍රේලියානු ඩොලර් 1000 රන් කාසියක් බණ්ඩාරවත්ත වැල්මිල්ල හඳුන්වන්න ප්‍රදේශයේ නිවෙසකින් සොරා ගත් පුද්ගලයන් තිදෙනකු බණ්ඩාරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රන් කාසියේ බර ග්‍රෑම් 311ක් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්ද, පාදුක්ක සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පිරිසකි.
එම රන් කාසියේ හිමිකාරිය වන 57 හැවිරිදි කාන්තාවක් පෙරේදා (9) පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරමින් ඇය විවාහ වී සිටින ඕස්ටියන් ජාතික සැමියා වරින්වර ජර්මන් රටට ගොස් මෙරටට පැමිණෙන බවත්, ඉකුත් මස 21 වෙනි දින සැමියා මෙරටට පැමිණි බවත් කියා තිබේ.
පැමිණිලිකාරියගේ සැමියා රෝගී තත්ත්වයකින් පසුවූ බැවින් ඔහු නිවසේ නතර කර ඉකුත් 8 වෙනි දින අවශ්‍යතාවක් සඳහා මාතරට ගොස් පසුදින (9) නිවසට පැමිණ නිවසෙහි ඉදිරි දොර විවෘත කර නිවෙස තුළට යන අවස්ථාවේ දී සිය සහෝදරියගේ 16 හැවිරිදි දියණිය ද නිවසේ කබඩ් එකේ වීදුරු කඩලා තියනවා යැයි කෑ ගසා පැවසූ බවත්, පසුව එය පැමිණිලිකාරිය පරීක්ෂා කළ අවස්ථාවේ දී ඒ තුළ දමා තිබූ රන් කාසිය සොරාගෙන ගොස් ඇති බවට දැක ඇතැයි පොලිසිය කියයි.
පැමිණිලිකාරිය විවාහ වී සිටින austrian ජාතික සැමියා ඇයව විවාහ කර ගැනීම සඳහා පැමිණෙන විට මෙම රන් කාසිය තෑගි දුන් බවත් මුහුණත ප්‍රදේශයේ එළිසබත් රැජනගේ රුවත් පසුපස කොටසේ කැන්ගරුවකුගේ රූපයක් තිබූ බව බවත්, එය සුරක්ෂිතව නිවසේ සාලයේ කබඩ් එකක් තුළ තැන්පත් කර තිබූ බවත් එම කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ