Home » කොළඹ හතේ සාප්පුවෙන් ඉස්සූ ඩෙනිම් කලිසම් දෙකට වසරක් හිරේ

කොළඹ හතේ සාප්පුවෙන් ඉස්සූ ඩෙනිම් කලිසම් දෙකට වසරක් හිරේ

by gayan
July 11, 2023 1:00 am 0 comment

කුරුඳුවත්තේ සුපිරි නිමි ඇඳුම් අලෙවිහලකින් ඩෙනිම් කලිසම් දෙකක් සොරකම් කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරු වූ තරුණයකුට බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (10) නියම කළේය. 2017 වසරේ සිදුවූ මෙම සොරකම සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය සැකකරු වරදකරු කර තිබිණ.

කොළඹ 8 පදිංචි ආර්. පී. ඩී. චාමර නැමැති තරුණයාට මෙම දඬුවම නියම වූ අතර ඔහු දිගින් දිගටම අධිකරණ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුට වරෙන්තු නිකුත් විය.

රුපියල් 19,900ක් වටිනා ඩෙනිම් කලිසම් 2ක් අදාළ නිමි ඇඳුම් ආයතනය තුළදී සැකකරු විසින් සිය කලිසමට උඩින් ඇඳගෙන පැමිණ ඇති අතර, ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සැක සිතී සැකකරු පරීක්ෂා කරන විට මෙම ඩෙනිම් කලිසම් 2 අත්අඩංගුවට ගෙන තිබේ. කුරුඳුවත්ත පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර නඩුව විභාගය සඳහා යොමුකර තිබේ.

වසර 6ක කාලය තුළ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව සැකකරු මෙසේ වරදකරු කරමින් බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවමක් අධිකරණය විසින් පනවනු ලැබිණ.

සිරන්ජනී කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT