Monday, May 5, 2025
Home » මගීන්ගේ ජීවිත බේරාගත් කෝප්‍රල්ට අගමැතිගෙන් පැසසුම්

මගීන්ගේ ජීවිත බේරාගත් කෝප්‍රල්ට අගමැතිගෙන් පැසසුම්

by gayan
July 11, 2023 1:00 am 0 comment

මහනුවර සිට මහියංගණය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවීමට ගිය අනතුර වළක්වා ගෙන එම බස් රථයේ ගමන් ගත් පනහකට අධික මඟීන්ගේ ජීවිත බේරා ගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල්වරයා වන බී.ආර්.කේ.එල්. කරුණාරත්න, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (10) හමු විය. කෝප්‍රල්වරයා සිදු කළ වීර ක්‍රියාව අගමැතිවරයාගේ පැසසුමට ලක්විය. මෙම බස් රථය 2023.05.26 වැනි දින උඩුදුම්බර ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී එහි රියැදුරු, රියැදුරු අසුනින් ඉවතට විසි වී ඇත. මීටර් පනහක් පමණ දුරක් රියැදුරු නොමැති වූ බස් රථය ගමන් කර තිබේ. එම අවස්ථාවේදී බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා කෝප්‍රල්වරයා වහාම ක්‍රියාත්මක වී රියැදුරු නොමැතිව විශාල බෑවුමකට ධාවනය වෙමින් තිබූ බස් රථය මහත් පරිශ්‍රමයක් දරා පාලනය කර නවත්වා ගැනීමට සමත්වීම නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවිය. සටහන – නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT