Home » කොළඹ නුවර අධිවේගයට හරස් වූ පඬුකරඳ ගහ ගලවාගෙන ගිහින්

කොළඹ නුවර අධිවේගයට හරස් වූ පඬුකරඳ ගහ ගලවාගෙන ගිහින්

by gayan
July 11, 2023 1:00 am 0 comment

කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු සැලසුම් කිරීමේදී කපා ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ පරිසරවේදීන්ගේ විරෝධතා මැද ආරක්ෂා කෙරුණ ඉපැරැණි ගසක් වූ පඬුකරඳ ගහ කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ඊයේ (10) දහවල් ඉවත් කරගෙන රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති.

වේයන්ගොඩ දාරළුව ප්‍රදේශයේ පිහිටි එම පඬුකරඳ ගහ වසර සියයකටත් වඩා ඉපැරණි ගසක් බව එම ප්‍රදේශවාසීහු පවසති.

අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී එම ගස බාධාවක් වන්නේ නම් ගස එම ස්ථානයෙන් ගලවා වෙනත් ස්ථානයක සිටුවීමටද සැලසුම් කර තිබූ බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ. බැකෝ යන්ත්‍ර දෙකක් පටවාගත් ලොරි රථයකින් පැමිණි පිරිසක් ඉතා කෙටි කාලයකදී එම ගස ගලවා ඉවත් කර බැකෝ යන්ත්‍ර පටවාගෙන පැමිණි ලොරි රථයටම පඬුකරඳ ගහ පටවාගෙන රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. එම ගස ගලවා ඉවත් කරලීම සඳහා චීන සහ සිංහල ජාතිකයන් පිරිසක් පැමිණ සිටි බව ද එම ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති.

ගම්පහ සමූහ – ටෝනි කරුණානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT