කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 8 වාට්ටුවේ සේවයට වාර්තා නොකරන වෛද්‍යවරු තිදෙනාගේ වැටුප් නතර කරන බව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිනමිණ’ට ඊයේ (10) ප්‍රකාශ කළේය.
මෙම වෛද්‍යවරුන් තිදෙනාගේ වැටුප් නතර කරන බවට ලිඛිතව දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (10) ලිපියක් යොමු කළ බව ද ඒ මහතා පැවසුවේය.
ජූනි මස 21 වැනිදා සිට දින 20ක කාලයක් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැති බවත් එවැනි නිලධාරීන් පිරිසකට රජයේ වැටුප් ගෙවීම සිදු කළ නොහැකි බවත් ඒ මහතා කීය.
රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් සැර පරුෂ ලෙස හැසිරෙන බවට ප්‍රකාශ කරමින් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැත.
මෙම ගැටලුව වසරකට අධික කාලයක සිට පැවතියත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබුණද මෙතෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දී නොමැති බවට වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ වාට්ටුවට රෝගී දරුවන් ඇතුළත් කර ගැනීම ද සීමා කර ඇති බවට වාර්තා වේ.
සන්ධ්‍යා කරුණාරත්න