ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (10)අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
මොවුන් නිතර ගුවන් ගමන් වල යෙදෙමින් විදේශ රට වලින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන , කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ,ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 780 ක් බරැති ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ .
මේ වනවිට මෙම පුද්ගලයන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය වැඩිදුරට විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .