Home » කාටත් සාධාරණ නීතියක් ඇති රටක් හදනවා

කාටත් සාධාරණ නීතියක් ඇති රටක් හදනවා

by gayan
July 11, 2023 1:00 am 0 comment

ඇල්පිටිය සමූහ - චන්ද්‍රසිරි ගුණසේකර

ජාජබ නායක අනුර කුමාර දිසානායක

“නීතිය කාටත් සාධාරණ ලෙස ඉටු කරන රටක් අපට ඕනෑ. එවැනි රටක් හදන්නේ කවදා හරි ජාතික ජන බලවේගය පමණයි. අපි තමුන්නාන්සේලාට සහතික වෙනවා, මේ පාතාලය මැඬ පවත්වා කුඩු ව්‍යසනයෙන් අපේ මාතෘ භූමිය ගලවා ගන්නවා කියලා. වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දෙනවා. ඒ වැඩේ ජාතික ජන බලවේගය භාර ගන්නවා.”යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඇල්පිටිය, කුරුඳුගහහැතැප්ම, අනුරුද්ධගම ක්‍රීඩාංගණයේදී පසුගියදා (08) පැවති ජාතික ජන බලවේගයේ කරන්දෙණිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“දැන් අවශ්‍යවී තිබෙන්නේ මේ කඩා වැටුණ රට ගොඩගැනීමයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා, මේ කඩාවැටුණ රට ගොඩගන්න අපි ඔක්කොම එකතු වෙමු කියලා. අපි ඔක්කොටම එකතු වෙන්න පුළුවන් රට මේ විපත්තියට පත් වුණේ ස්වාභාවික ව්‍යසනයකින් නම්. දැන් තියෙන්නෙ ප්‍රපාතයට වැටුණ රට ගොඩගන්න ඒ අයත් එක්ක එකතු වෙන එක නෙමෙයි. ඒ අය පළවා හැර ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ ජනතාව පාරට බැහැලා 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ජනාධිපතිවරයා තුනෙන් දෙකක් ඡන්දෙ ගත්ත අගමැතිවරයා පළවා හැරියා. ඒ ජනතාවගේ සටන් පාඨ වුණේ හැම දෙනාම නීතියට යටත් වෙන්න ඕනෑ කියන එකයි. ධනය බලය තියෙන අයට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ එක නීතියක්. දුප්පත් දුබල අයට තව නීතියක්. නීතිය සාධාරණ නෑ”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT