Sunday, May 11, 2025
Home » සේවක අර්ථසාධක අරමුදල් පනතට ඉදිරියේදී අපි සංශෝධන ගේනවා

සේවක අර්ථසාධක අරමුදල් පනතට ඉදිරියේදී අපි සංශෝධන ගේනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා

by mahesh
July 14, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට හිමිවිය යුතු ප්‍රතිලාභ සුරැකීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනතට සමඟි ජන බලවේගය විසින් ඉදිරියේදී සංශෝධන ගෙන එන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.

සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටුව මඟින් මේ සංශෝධන ඉදිරිපත් කරන බව මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා කීවේය. එහිදී සාමාජිකයන්ට නිශ්චිත අවම ප්‍රතිලාභයක් තීරණය කිරීම හෝ අනිකුත් ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායමට සමාන පොලී ප්‍රතිලාභයක් ගෙවීම හෝ ධන මූර්ත පොලියක් ගෙවීම සඳහා මේ සංශෝධන යෝජනා මඟින් මඟ පෙන්වන බව ඒ මහතා කියා සිටියේය. මේ වන විට මේ අරමුදලේ ගිණුම් ලක්ෂ 196ක් තිබෙන බවත් මෙයින් ලක්ෂ 26ක් විතර සක්‍රීය බවත් හෙතෙම පැවසීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. මොවුන්ට ලැබෙන ප්‍රතිලාභය ඉදිරි 15 වසර තුළ ස්ථීර විය යුතුයි. ඒකයි, අපි මේ සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පසුගියදා කළ දේශීය ණය ප්‍රශස්ථකරණයේදී ඒක පාර්ශ්වීය ලෙස සේවක අර්ථසාධක අරමුදල මත පමණක් බර පටවා තිබෙනවා. මෙය සාධාරණත්වයේ මූලධර්ම උල්ලංඝනය කරන බවට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT