Sunday, May 11, 2025
Home » මාබෝපිටිය මහා විදුහල් සිසුන්ට අමෙරිකානුවන්ගෙන් ඉංග්‍රීසි පාඨමාලාවක්

මාබෝපිටිය මහා විදුහල් සිසුන්ට අමෙරිකානුවන්ගෙන් ඉංග්‍රීසි පාඨමාලාවක්

by mahesh
July 14, 2023 1:00 am 0 comment

බුලත්කොහුපිටිය සමූහ - ඩබ්ලිව් රෝහණ

ඉංග්‍රීසි භාෂා දිනයට සමගාමීව මාබෝපිටිය මහා විදුහලේ මෙම මස 5 වැනි දින සිට 10 වැනි දින දක්වා අමෙරිකන් ජාතික පිරිසක් විසින් පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඩම් මාලාවක් ක්‍රියාත්මක කළ බව එම විදුහලේ විදුහල්පති බන්දුල ධර්මතිලක මහතා පැවසීය.

අමෙරිකන් ජාතික පුරවැසියන් වන ක්‍රිෂ්ටෝපර් මිජේල්, හසනි මිජේල්, අමායා මිජේල්, (වෛද්‍ය සිසුවියක්) ස්පෙන්සර් මිජේල් හා ඇලෙක් සැන්ඩර් ඇන්රු යන මහත්ම මහත්මීහු එම විදුහලට පැමිණ විදුහලේ 6 ශ්‍රේණියේ සිය 13 වන ශ්‍රේණිය දක්වා ඉගනුම ලබන දරුවන් සමඟ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් හාෂාව හසුරුවාලීම මෙහිදී සිදු කළහ. මෙම වැඩසටහන සම්බන්ධීකරණය එම පාසලේ ආචාරිනී ඒ.ආර්.ඩී.සී. අත්පත්තු මහත්මිය සිදු කළ අතර සංවිධානය එම පාසලේ ඉංග්‍රීසි විෂයභාර ආචාර්යවරුන් වන එම්. විජේකුමාරි හා බී.එච්.ඒ. ප්‍රියන්ගනී යන මහත්මීන් විසින් සිදු කරනු ලැබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT