ශබ්දවාහිනී යන්ත්‍ර යොදාගෙන මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන නොයන ලෙස අවවාද කළත් ජනතාව එය පිළිනොගැනීම හේතුවෙන් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය පහළ ගරාගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් 09 දෙනකු අධිකරණයට ඉදිරිපත් කළ බව යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
මෙහිදී රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් එක් පුද්ගලයකුට රුපියල් 3,000 බැඟින් රුපියල් 27,000ක දඩ මුදලක් නියම කර තිබේ. පසුගිය සති කිහිපය තුළ මෙසේ මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 70ක් පමණ අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන්ගෙන් රුපියල් 140,000ක් දඩ වශයෙන් අය කළ බව යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඒ. තිලක් කුමාර මහතා පැවසීය.
වැඩි වශයෙන්ම මදුරු කීටයන් දක්නට ලැබුණේ කොන්ක්‍රීට් ස්ලැබ්වල වන අතර, නිවාස ආශ්‍රිත ජලය එකතු කරන ප්ලාස්ටික් භාජනවල ද මදුරු කීටයන් හමු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩිදුරටත් පැවසූහ.