ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ කාර්යභාරය ගැන සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන්ම විශේෂ පත්‍රිකාවක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
මේ ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් සන්නිවේදන උපාය මාර්ගයේ කොටසක් ලෙස දැක්විය හැකිය. මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික කරුණු ඉතා සරලව සාකච්ඡා කෙරෙන මේ පත්‍රිකාව විවිධ පාර්ශ්වයන්ට ඉතා වැදගත් එකක් වනු ඇත. මුදල් ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මුදල් උපකරණ සහ සම්ප්‍රේෂණය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම මෙන්ම සාමාන්‍ය ජනතාව අතර මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව වැරැදි වැටහීම් ඉවත් කරගැනීමට ද මේ පත්‍රිකාව උපකාරී වනු ඇත.
මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී මුදල් ප්‍රතිපත්තියේ කාර්යභාරය, ද්‍රවශීලතා කළමනාකරණය සහ ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීම යනාදිය පිළිබඳව මේ පත්‍රිකාවෙන් සාකච්ඡා කර ඇත.
ඒ අනුව මේ ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත් සහ විශ්වාසනීය මූලාශ්‍රයක් වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය https://www.cbsl.gov.lk/si/ ප්‍රකාශන / වෙනත්-ප්‍රකාශන / මහජනතාව – දැනුම්වත්කිරීම හරහා මේ පත්‍රිකාවේ විද්‍යුත් පිටපතක් ලබා ගත හැකිය.