Home » පාරේ වැටී මියගිය මුරුද්දෙණියේ හිමිගේ මරණය ගැන විවෘත තීන්දුවක්

පාරේ වැටී මියගිය මුරුද්දෙණියේ හිමිගේ මරණය ගැන විවෘත තීන්දුවක්

by mahesh
July 14, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන (67) හිමියන්ගේ මළ සිරුර පළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.පී. ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී තිබේ.

මේ අතර මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි. අදාළ හිමිනම දශක ගණනාවක් පුරා ගම්වැසියන් සමඟ සුහදව කටයුතු කර තිබෙන බැවින් අවාසන් මොහොතේ වූ අවාසනාවන්ත සිද්ධියක් මුල් කරගනිමින් උන් වන්සේගේ භික්ෂුත්වය සම්බන්ධව ප්‍රශ්න නොකර අවසන් කටයුතු මුරුද්දෙණිය ටැම්පිට විහාරස්ථානයේදී සිදු කිරීමට දායක සභාව එකඟතාව පළ කර ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට දෙන ගෞරවය එලෙසින්ම දෙමින් දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) පස්වරුවේ විහාරස්ථාන පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT