නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යෑමට උත්සාහ කළ රත්‍රන් කි.ග්‍රෑ. 8යි ග්‍රෑ. 450ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ ඩිංගි යාත්‍රාවක් කල්පිටිය, වන්නිමුන්දලම කලපු ප්‍රදේශයේ පෙරේදා (12) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික විජය ආයතනය මඟින් කල්පිටිය, වන්නිමුන්දලම කලපු ප්‍රදේශයේ සිදු කළ මේ විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂ්ම ලෙස සඟවා නීති විරෝධි ලෙස රැගෙන යෑමට උත්සාහ කළ බවට සැක කෙරෙන පාර්සල් 4ක අසුරන ලද රත්‍රන් තොගය සමඟ සැකකරුවන් දෙදෙනකු සහ ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. සැකකරුවන්, රත්‍රන් තොගය සහ ඩිංගි යාත්‍රාව නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාර දීමට කටයුතු කර ඇත.