Home » ජාතික නිවාස කොමසාරිස් ධූරය ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා

ජාතික නිවාස කොමසාරිස් ධූරය ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා

by chanaka
July 14, 2023 12:23 pm 0 comment

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ජාතික නිවාස කොමසාරිස් ධූරයේ රාජකාරී අද (14) ආරම්භ කළේය.

ඒ බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පරිශ්‍රයේදී ය.

එම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටියේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ශ්‍රෙෂ්ඨාධිකරණ නීතිඥවරයෙකුවන අතර ඔහුගේ නීතිඥ දිවියට මේ වන වසර 30 ක් පමණ වේ. ඒ මහතා අමෙරිකානු නීතිඥ සංගමයේ සාමාජිකයෙකු ද වේ. මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යකෂ ධූරය සහ බස්නාහිර පළාත්බද මගීප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ (ප්‍රවාහන) ධූරය ඔහු විසින් දරා තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඕෂන්වීව් ඩිවලොප්මන්ට් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු කටයුතු කරයි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රම සම්පාදන) අනෝමා විජේරත්න, අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) වජිරා අබේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT