Home » 8 හැවිරිදි පිරිමි දරුවාට හදි කළ 70 හැවිරිදි සීයා රිමාන්ඩ්

8 හැවිරිදි පිරිමි දරුවාට හදි කළ 70 හැවිරිදි සීයා රිමාන්ඩ්

by mahesh
July 14, 2023 1:00 am 0 comment

සීගිරිය විශේෂ

වයස අවුරුදු 8ක පිරිමි දරුවෙකු හට ලිංගික අතවර කළ බව කියන වයස අවුරුදු 70ක පුද්ගලයෙකු එළඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා රත්නායක මහත්මිය පෙරේදා (12) නියෝග කළාය.

දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් මෙම සැකකාර හැත්තෑ හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ දඹුල්ල ඇතාබැඳිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක් වූ ඩබ්ලිව්.ජී. රම්බණ්ඩා නමැති අයෙකි.

වයස අවුරුදු 8ක දරුවකුගේ මවක් විසින් දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවස ආසන්නයේ නිවසක සිටි වයස අවුරුදු 8ක පිරිමි දරුවාට තේ කොළ පැකට්ටුවක් කඩෙන් රැගෙන එන ලෙස මුදල් ලබාදී එම තේ කොළ පැකැට්ටුව සීයා වෙත ලබා දී නැවත පිටත්ව යන්නට සූදානම් වෙද්දී දරුවා බලහත්කාරයෙන් නිවස තුළ රඳවාගෙන ලිංගික අතවරය සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

වයස අවුරුදු හැත්තෑවක් වූ සැකකරුගේ බිරිය මිය ගොස් මාස කීපයක් ගත වන බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

අතවරයට ලක් වූ දරුවා තම මිතුරෙකුට මේ බව ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට මෙය මානසික පීඩනයක් බව ප්‍රකාශ කරමින්ය. පසුව එම මිතුරා තම මවුපියන් හරහා දරුවාගේ මව දැනුම්වත් කොට පසුව දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර හැත්තෑ හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT