Home » ඉල්ලා අස්වූ සිංගප්පූරු කථානායක දේශපාලනයෙනුත් සමුගනී

ඉල්ලා අස්වූ සිංගප්පූරු කථානායක දේශපාලනයෙනුත් සමුගනී

by mahesh
July 19, 2023 1:00 am 0 comment

වසර තුනක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අනියම් පෙමක් පවත්වාගෙන යෑමෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ කතාවකට ප්‍රතිචාර දක්වමින් අසභ්‍ය වදනක් භාවිත කිරීමෙන් අපකීර්තියට පත්ව තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ටැන් චුවාන් ජින් දේශපාලන ජීවිතයෙන් ද සමුගන්නා බව අගමැතිවරයාට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 54 හැවිරිදි විවාහකයකු වන ටැන් චුවාන් එරට ටැම්පයින්ස් පක්ෂයේ මන්ත්‍රීවරියක වන චෙං ලි හුයි සමඟ අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන යෑම එරට ජනතාව අතර දැඩි අප්‍රසාදයට හේතු වූ අතර, සිය ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති ලී සියෙන් ලූං වෙත භාර දුන්නේය. ඒ සමඟම කථානායකවරයාගේ අනියම් පෙම්වතිය 47 හැවිරිදි අවිවාහක මන්ත්‍රීවරිය ද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිවරයාට භාර දී ඇති අතර, එම ඉල්ලා අස්වීම් දෙකම අගමැතිවරයා පිළිගෙන ඇතැයි ද වාර්තා වේ.

‘මට අඩුපාඩු වුණු තැන් තියෙනවා. ඒවා ගැන වගකීම භාරගෙන මගේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න ඕනා. මම මගේ බිරිය එක්ක මේ ගැන කතා කරලා දේශපාලනයෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ වගේම පවුල වෙනුවෙන් කැපවෙන්නත්.‘ සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි කථානායකවරයා එසේ සඳහන් කර තිබේ.

මීට වසර තුනකට පෙර දෙදෙනාගේ පෙම් සභඳතාව පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත්, එය නතර කරන ලෙස දුන් උපදෙස් පිළිනොගෙන දෙදෙනාම එය පවත්වාගෙන ගිය බවත් පසුව පැවැති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT