Sunday, May 11, 2025
Home » වසර 2030 ට පෙර සඳ තරණයට සූදානම් වන චීනය

වසර 2030 ට පෙර සඳ තරණයට සූදානම් වන චීනය

by chanaka
July 19, 2023 9:07 am 0 comment

චීනයේ චන්ද්‍ර ගවේෂණය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වේ.

2030 වර්ෂයට පෙර චීන ගගනගාමීන් සඳ තරණය කිරීම හා සම්බන්ධ කරුණු ඊට ඇතුළත්ය. විද්‍යාත්මක ගවේෂණ සපුරා, චන්ද්‍ර විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීම පිළිබඳව විමර්ශනය කරමින්, ක්‍රමානුකූලව චන්ද්‍ර ගවේෂණය හා ඊට අදාළ තාක්ෂණික පරීක්ෂණ සත්‍යාපනය කිරීමට චීනය සූදානම් බව මේ සතියේ නිකුත් කෙරුණු එම සැලැස්මේ සඳහන් වේ.

මෙම සඳ තරණ සැලැස්ම අනුව, පළමුවෙන් ප්‍රවාහක රොකට්ටු දෙකක් මගින් රෝවරයක් හා ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානයක් ‘පෘථිවි චන්ද්‍ර හුවමාරු කක්ෂයට’ යොමුකෙරෙනු ඇත.

ඉන්පසු එම රෝවරය හා අභ්‍යවකාශ යානය කක්ෂගතව එකට බැ‍ඳේ. අනතුරුව ගගනගාමීන් අභ්‍යවකාශ යානයෙන් රෝවරයට පිවිසීමෙන් පසු එය චන්ද්‍රයා මතුපිට නියමිත කලාපයට ගොඩබසිනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT