Sunday, May 11, 2025
Home » බදුල්ල-කොළඹ පෞද්ගලික බසයකට මැර ප්‍රහාරයක්

බදුල්ල-කොළඹ පෞද්ගලික බසයකට මැර ප්‍රහාරයක්

by mahesh
July 19, 2023 1:00 am 0 comment

සී. ගමගේ - සොරණාතොට සමූහ

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ දී ඊයේ (18) අලුයම ත්‍රිරෝද රථයකින් පැමිණි හයදෙනෙකු මඟ හරස් කර නවතා යකඩ පොලුවලින් පහරදී මෙන් බස් රථයට රුපියල් ලක්ෂ 3ක පමණ අලාභ හානියක් සිදුව ඇතැයි ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා පවසයි. බදුල්ල – කොළඹ අතර ධාවනය වන වෙනත් පෞද්ගලික බස්රථයක සේවක පිරිසක් මෙසේ බස් රථයට පහර දී අලාභ හානි කර ඇති බවත් එම පිරිස බස් රථයේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා මගින් හඳුනාගත් බවත් හෙතෙම පැවසීය.

බදුල්ල – කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස්රථ සේවකයන් දෙපිරිසක් අතර බස්රථ ධාවනය කිරීමේදී හටගත් ආරවුලක් දුරදිගයෑම මෙයට හේතු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසියට මෙන්ම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා සඳහන් කළේය.

මේ මැර පිරිස බස් රථය නවතා යකඩ පොලුවලින් පහර දෙන අවස්ථාවේ බස්රථයේ මගීන් ආසන ගණනට සිට ඇති අතර මින් කිසිවකුට හෝ අනතුරක් සිදු නොවූ බව පවසන ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා එම මගීන්ට කුරුවිට සිට කොළඹ බලා යෑමට වෙනත් බස්රථයකින් ගමන් පහසුකම් සලසා දුන් බව ද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT