Friday, May 16, 2025
Home » දළදා මාලිගාවේ ලයිට් බිල් ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවක් අද මහනුවරදී

දළදා මාලිගාවේ ලයිට් බිල් ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවක් අද මහනුවරදී

by mahesh
July 19, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් දළදා මාලිගාවට සහ සතර මහා දේවාලවලට යොමුකර තිබෙන විදුලි පරිභෝජන ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් පැන නැඟී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් අද (19) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැඟිල්ලේ දී පස්වරු 3.00ට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

මේ සාකච්ඡාවට සතර මහා දේවාල බස්නායක නිලමේවරු, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ගඟවටකෝරළය ප්‍රාදේශීය ලේකම්, මහනුවර නාගරික කොමසාරිස්, බෞද්ධ කටයුතු කොමසාරිස්, මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය. අදාළ සාකච්ඡාවට සහභාගි වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සියලු පාර්ශ්ව වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබේ. ඇසළ පෙරහර මංගල්‍යයේ විදුලි ආලෝකකරණ කටයුතු වෙනුවෙන් සකස් කළ සවිස්තරාත්මක ඇස්තමේන්තුව මෙදිනට ඉදිරිපත් කරන ලෙස ද විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත දැනුම් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT