Home » හරීන් මනූෂ සජබයෙන් නෙරපයි

හරීන් මනූෂ සජබයෙන් නෙරපයි

by mahesh
July 19, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත, සුභාෂිණි සේනානායක සහ මහින්ද අලුත්ගෙදර

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් සමඟි ජන බලවේගයෙන් නෙරපා හැරීමට ඊයේ (18) තීරණය කර තිබේ.

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (18) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මේ තීරණයට එළැඹ ඇත.

එම දෙදෙනා සමඟි ජන බලවේගයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූවෝ වෙති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ මෙම දෙපළ පක්ෂයේ නීති රාමුවට අනුකූල නොවන අයුරින් කටයුතු කළ නිසා මේ තීරණය ගනු ලැබූ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT