කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය සුපිරි ගනයේ සූදුපොළක් වටලා එහි හිමිකාරිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලිසිය සමත්ව ඇත.
මෙම සූදු පිටිය පවත්වාගෙන ගොස් ඇත්තේ අංගොඩ දෙල්ගහවත්ත පාරේ සුපිරි දෙමහල් නිවෙසක උඩු මහලේය.
නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ මහතා වෙත ලද තොරතුරක් මත සහ බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ ද උපදෙස් පරිදි මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදි.
ස්ථානාධිපතිවරයා විසින් උපායදූතයන් යොදවා රහස් සංකේත අංකයන් භාවිත කරමින් දොරවල් විවෘත කරගෙන මෙම ආරක්ෂිත සූදුපොළ වෙත ඇතුළු වීමට සමත්ව තිබේ. එම අවස්ථාවේදී නිවෙස තුළ සූදු කෙළිමින් පිරිසද එය පවත්වාගෙන ගොස් ඇති කාන්තාවද අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත කිරිබත්ගොඩ රණාල නවගමුව වැල්ලම්පිටිය ආදි ප්‍රදේශවලින් ඔවුන් මෙලෙස පැමිණ තිබූ අතර එතැන තිබූ වාහන 6ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. කාන්තාව ඇතුළු 15 දෙනා පෙරේදා (17) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට වසර 5කට අත්හිටුවූ මසක සිර දඬුවමක් නියම කෙරිණි. මේ අතර මෙම සූදු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ගැවසෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශන සිදු කරගෙන යයි.