කැලණි පාලමේ ඇණ ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.
එහි සිදුව ඇති අලාභය සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර ඇතැයි ද ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
මෙම ස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබෙන බවත් ඇත්ත සංඛ්‍යා දත්ත පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට දීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
අනෙක් කාරණය තමයි පඬුකරඳ ගස ගැන කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා, ඒ පාර හදන සමාගම පාර නතර කිරීම නිසා බිලියන 05ක අලාභයක් පමා ගාස්තු වශයෙන් ඉල්ලා සිටියා. බිලියන 05ක් කියන්නේ කෝටි 50ක්. ඒ නැතුව වෙනත් ක්‍රමයට මේ පාර සකස් කරන්න නම් කෝටි 150ක් අවශ්‍යයි. මම මේ පිළිබඳව වාර්තාවක් ලබාගත්තා උද්භිත විද්‍යාඥයන් ඇතුළු තාක්ෂණික කණ්ඩායම්වලින්. ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කළා මේ අවුරුදු 40ට වඩා වැඩි පඬුකරඳ ගස් 15ක් තිබෙන බවත් අඩි 12කට වඩා වැඩුණු පඬුකරඳ ගස් 40ක් තිබෙන බවත්. ඔවුන් වන සංක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පැළ 200කට වැඩි ප්‍රමාණයක් සකස් කරලා තිබෙනවා. මම මේ තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. රතු දත්ත පොතෙනුත් අයින් කරල තිබෙන, ඕන තරම් වගා කරන්න ඉඩ තිබෙන ඒ වගා කිරීම සඳහා තෙත් කලාපයේ සුදුසු ස්ථානවල වවන්න සකස් කරලා තිබෙන නිසා මේ ගස කපලා ඉවත් කරන්න අවසර ඉල්ලා සිටියා. කැබිනට් මණ්ඩලය අවසර දුන්නා. ජාතියෙත් ජාතික ආර්ථිකයෙත් යහපත පිණිස පඬුකරඳ ගහ වෙනුවට ගස් 200ක් රෝපණය කරලා පඬු කරඳ ගස් රක්ෂිත කොට, ව්‍යාප්ත කිරීමේ ජාතික ව්‍යාපෘතියක් රුහුණු මහා කතරගමින් ආරම්භ කරලා තිබෙනවා.