Thursday, May 15, 2025
Home » ප්‍රංශ හිරගෙදර සිට ‘කුඩු අංජු’ යළි මත්ද්‍රව්‍ය ජාවාරමේ

ප්‍රංශ හිරගෙදර සිට ‘කුඩු අංජු’ යළි මත්ද්‍රව්‍ය ජාවාරමේ

ගෝලයන්ට දුරකතන ඇමතුම්

by mahesh
July 19, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

සිය බිරියට කළ පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාරයක සැකකරුවකු ලෙස රඳවා සිටින සිංහාර අමල් ශාමින් ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයා මෙරට සිටින ඔහුගේ ගෝලබාලයන්ට දුරකතන ඇමතුම් දෙමින් නැවතත් මත්කුඩු ජාවාරම මෙහෙයවන්නට පටන්ගෙන ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

සිය ඥාතීන්ට දුරකතන ඇමතුම් ගැනීමට බන්ධනාගාරයේදී ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔහු විසින් මත්කුඩු ජාලය මෙහෙයවමින් පවතින බවට බුද්ධි අංශ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

කුඩු අංජුව ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සතියේදීය. එරට පොලිස් භාරයේ රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ ජාත්‍යන්තර පොලිසිය මඟින් ඔහුට එරෙහිව මෙරටින් නිකුත් කර තිබෙන රතු නිවේදනයට අනුවය.

ප්‍රංශයේ සරණාගතභාවය ද ලබාගෙන එරට විදෙස් ගමන් බලපත්‍රයක් ඇතිව සිටි කුඩු අංජුට එරට ව්‍යාපාර පවා ඇති බව කියැවිණි. ඒ සම්බන්ධයෙන් ද එරට පොලිසිය මඟින් විමර්ශනයක් සිදු කරනු ලැබීය.

ඒ අතර ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මූලක ලිපි හුවමාරුවෙන් පසු යහපත් ප්‍රතිචාරයක් ද ප්‍රංශයෙන් ලැබී තිබිණි. ප්‍රංශය තුළ අංජුට එරෙහිව මේ වන විට සිදු කරන විමර්ශන අවසන් වනතුරු ඔහුව මෙරටට නොලැබෙන බව එරටින් ලැබෙන තොරතුරුවලින් අනාවරණය වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT