Sunday, May 11, 2025
Home » පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන අමානුෂික ප්‍රහාරයන් හෙළා දැකිය යුතුයි

පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන අමානුෂික ප්‍රහාරයන් හෙළා දැකිය යුතුයි

by mahesh
July 19, 2023 12:57 am 0 comment

පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන ඝාතනයන් හා අසාධාරණයන් හෙළා දැකිය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ පලස්තීනයේ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවැති විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.

පලස්තීන වැසියන් සිටි සරණාගත කඳවුරකට ද පසුගියදා අමානුෂික ප්‍රහාරයක් එල්ල කළා. මෙම ක්‍රියාවන් හෙළා දැකිය යුතුයි. වසර ගණනාවක් පුරා ඇදෙන පලස්තීන ප්‍රශ්නය තවමත් විසඳා නැහැ. 1967දීත් පලස්තීනය හා ඊශ්‍රායලය එක්සත් ජාතින්ගේ සම්මුතියට එකඟ වුණා. නමුත් එය ක්‍රියාත්මක නැහැ. මේ මාසේ මුලදීත් එක්තරා කඳවුරකදී විශාල පිරිසක් අමානුෂික ලෙස ඝාතනය කළා. වධහිංසා, දේපොළ හානී, ජීවිත හානි දිගින් දිගටම සිදු වෙනවා. ළමයින්, කාන්තාවන් දිගින් දිගටම ඝාතනය වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනුවෙන් මැදිහත් වුණාට එය ප්‍රබල මැදිහත් වීමක් නොවෙයි. අමෙරිකාව හැමදාම ඊශ්‍රායලය පැත්තේ හිට ගන්නවා. ලෝකයම පලස්තීනය පැත්තේ හිට ගත්තත් අමෙරිකාවේ ක්‍රියා පිළිවෙත එයයි. පලස්තීනය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම් සිදු කරන ලෙස වරින් වර ලෝකයේ බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. නමුත් එම ප්‍රශ්නය ඒ ආකාරයෙන්මයි.

කුරානය ගිනි තැබීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කළා. එය බොහොම හොඳයි. පලස්තීන ජනතාවට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් කරන්නේ නැහැ. එතුමා සිටින්නේ අමෙරිකාව, ඊශ්‍රායලය පැත්තේ. පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන ඝාතනයන් හෙළා දැකිය යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT