Home » රට බංකොලොත් වීම සොයන්න පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉවත් වෙනවා

රට බංකොලොත් වීම සොයන්න පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉවත් වෙනවා

by mahesh
July 19, 2023 12:58 am 0 comment

රට බංකොලොත්භාවය වීම ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවැසීය.

ඒ සම්බන්ධව කථානායකවරයා ලිඛිතව දැනුම්වත් කරන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

එම තේරීම් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ඉල්ලා තිබියදී ඒ සඳහා රට බංකොලොත් කළ පක්ෂයේම ලේකම්වරයා සභපති ධුරයට පත් කිරීම ඉතාම අසාධාරණයි. කථානායකවරයාට ස්වාධීන පුද්ගලයකු ලෙස එම වැරැද්ද නිවැරැදි කිරීමට තාමත් අවස්ථාව තිබෙනවා. රට බංකොලොත්භාවය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අස්සන් කරලා කථානායකවරයාට ලිපියක් භාර දුන්නා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT