උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඊයේ (18) උදෑසන 7.00ට පමණ පෙරළී යාමෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
ඇල්ල කරඳගොල්ල රක්කිත්තාකන්ද මාර්ගයේදී අනතුරට ලක්ව ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ රාත්‍රී වැඩ මුරය අවසන් වූ සේවකයින් පිරිසක් රැගෙන එමින් තිබූ UP – NA- 1941 දරන බස් රථය බව ද පොලිසිය පවසයි.
මෙම අනතුරින් රන්දෙණිය වැල්ලවාය ලිපිනයේ පදිංචි 73 හැවිරිදි බස්නායකගේ පියසේන නමැති බස් රථ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වැල්ලවාය රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ සේවකයින් 10 දෙනකු පමණ සිටි බව උමා ඔය ව්‍යාපෘතියේ නිලධාරියෙකු පැවසීය.
මියගිය අයගේ මෘතදේහය වැල්ලවාය දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.