340
චැසි අංකය හා ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස සකසා ධාවනය කළ ටොයොටා KDH වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් සමඟ සැකකරුවෙකු ගම්පහ ඉහළගම දී අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සමත් විය.
උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. එම්. වික්‍රමසිංහ මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකෙරිණි.
අත්අඩංගුවට ගත් සැකකරු නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකු බව පොලිසිය සඳහන් කරයි.