Thursday, May 15, 2025
Home » 15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ටිනේෂ්ගෙන් තුන් ඉරියව් දස්කම්

15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ටිනේෂ්ගෙන් තුන් ඉරියව් දස්කම්

by mahesh
July 19, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

උපනායක ටිනේෂ් කොරයාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් කොළඹ නාලන්දා විදුහල් (බී) පිලට එරෙහිව පළමු ඉනිමේ ජය හිමි කර ගනිමින් තෙවැනි වටයට එක් වීමට කොල්ලුපිටිය සාන්ත තෝමස් විදුහල සමත් වෙයි.

අන්තර් පාසල් අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස යටතේ මේ තරගය පැවති අතර, රත්නපුර සාන්ත ඇලෝසියස් විදුහල ද තර්ස්ටන් විදුහල් බී පිලට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව තෙවැනි වටයට එක් වීමේ අවස්ථාව උදා කර ගත්තේය.

කොල්ලුපිටිය සා. තෝමසයට පළමු ඉනිමේ ජය

කොළඹ නාලන්දා (බී) පළමු ඉනිම – 206 (ඕවර 48) යොනාල් දුල්මික 70, ගෙවින් සඳුන් 28 (ටිනේෂ් කොරයා 37/5, තදීෂ තෙන්නකෝන් 13/3)

සා. තෝමස් පළමු ඉනිම – 208/9 (ඕවර 54) ටිනේෂ් කොරයා 55, යෙවාන් ගුණතිලක 29, විහාන් ජේඩ්න් 29, රනිතු සුරේෂ්චන්ද්‍ර 28 (මෙසඳු ඉමදුවගේ 48/3, යොනාල් දුල්මික 26/2)

සා. ඇලෝසියස් – තර්ස්ටන් (බී)

සා. ඇලෝසියස් පළමු ඉනිම – 88 (ඕවර 41.5) (රන්සික ගුණතිලක 24/4, නේදන් ගුණවර්ධන 7/2, ඉමෙත් ප්‍රනාන්දු 16/2) සහ දෙවැනි ඉනිම – කිසිවකු නොදැවී 21 (ඕවර 3.5)

තර්ස්ටන් (බී) පළමු ඉනිම – 88 (ඕවර 32) ඉමෙත් ප්‍රනාන්දු 28 (රලින්ත තත්සර 17/3, රුවිඳු දිදුලක 30/3, සදීෂ ලක්ෂාන් 9/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT