406
තවත් භාණ්ඩ වර්ග 328ක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහි සඳහන් කර ඇත්තේ, අද (20) මධ්‍යම රාත්‍රියේ සිට එම ආනයන සීමා ඉවත් කෙරෙන බවයි.
ඩොලර් හිඟය හේතුවෙන් රටින් ඩොලර් පිටවීම වැලැක්වීමේ පියවරක් ලෙස රජය භාණ්ඩ රැසකට වසර දෙකකට ආසන්න කාලය සිට සීමා පනවා ඇති අතර මීට පෙර ද භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කළේය.