උතුරු ඉන්දියාව පුරා දරුණු විනාශයක් සිදුවනු ඇතැයි අනුමාන කර ඇත. යමුනා නදිය පිටාර ගැලීමෙන් අග්‍රා හි ඓතිහාසික ටජ්මහල ද ගංවතුර තර්ජනයකට මුහුණ පා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා වන විට යමුනා නදියෙන් පිටාර ගැලූ ගංවතුර ටජ් මහලේ පිටත තාප්පය දක්වා පැතිරී ගිය බව ද වැඩිදුරටත් වාර්තා වේ. ටජ් මහල් පරිශ්‍රයට ගංවතුර තත්ත්වයක් අවසන් වරට සිදු වී ඇත්තේ 1978 වසරේදී බවත්, මෙවරද එවැනි තත්ත්වයක් මතු වී ඇති බවත් වාර්තා වේ. යුනෙස්කෝ උරුමයක් ලෙස සැලකෙන ටජ් මහලේ පිටුපස උද්‍යානය ජලයෙන් යටවී තිබුණ ද, ගංවතුර ටජ් මහල් ස්මාරකයට ඇතුළු වීමට ඉඩක් නොමැති බව ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ.
ගංගා නදියේ ප්‍රධානතම අතු ගංගාව වන යමුනා නදියේ ජල මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී එම තත්ත්වය තවත් ඉහළ යනු ඇතැයි අනුමාන කර තිබේ.