වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයෝ ඊයේ උදෑසන 09.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ තුළ විරෝධතාවක් ආරම්භ කළහ.
මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් 3,000ක පමණ පිරිසක් එක් වී සිටියහ.
ගුවන් තොටුපොළ මෙම සේවකයන්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේ දී බවත්, සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයන්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ. ඩී. එස්. ප්‍රියන්ත මහතා පැවසීය.
සේවක විරෝධතාව නිසා ගුවන් ගමන්වලට හෝ ගුවන් තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.