ඡායාරූපය- ආණ්ඩුකාරවරයා වික්ටෝරියා වේල්ල නිරීක්ෂණය කළ අයුරු
වික්ටෝරියා වේල්ල නරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි කෞතුකාගාරයක් සහ වේල්ල ආශ්‍රිත පරිසරයේ සුන්දරත්වයක් අත්විඳිමින් ආහාර ගැනීම සඳහා භෝජනාගාරයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින අතර, ඒ සදහා වේල්ල ආශ්‍රිත භූමියෙහි සුදුසු ස්ථානයන් නිරීක්ෂණය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පසුගියාදා එහි ගියේය. වර්ෂ 1980දී ආරම්භ කරන ලද වික්ටෝරියා වේල්ලේ වැඩ කටයුතු 1984 අවසන් විය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ මාග්‍රට් තැචර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වේල්ල විවෘත කරනු ලැබුවේ 1985 අප්‍රේල් මස 12 දිනය. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම, ජල විදුලි නිෂ්පාදනය, ගංවතුර පාලනය හා මිරිදිය ධීවර කර්මාන්තය නඟාසිටුවීම යන අරමුණු පෙරදැරි කරමින් මේ වේල්ල ඉදි කෙරිණි. එම අරමුණුවලට අමතරව මේ ස්ථානය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ස්ථානයක් සේ සංවර්ධනය මඟින් දේශීය ආර්ථිකයට වඩා ශක්තියක් එමඟින් අත් කරගත හැකි වනු ඇති බවත් නව වැඩපිළිවෙළ යටතේ වික්ටෝරියා රැජන ගේ ප්‍රතිමාවක් ස්ථාපිත කිරීමට නියමිත බවත් ආණ්ඩුකාරවරයා කීය. මේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, වික්ටෝරියා වේල්ලේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය යන මහත්වරුද සහභාගි වූහ.
අසේල කුරුළුවංශ