292
සරණාගතයන් ලෙස මෙරටට පැමිණ මීගමුව, ඒත්තුකාලේ තාවකාලිකව පදිංචිව සිටින පාකිස්තානු ජාතිකයකුට පහර දීමක් සම්බන්ධයෙන් පාකිස්තානු ජාතිකයන් 07 දෙනෙකුව මීගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (18) ය. පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් කළ මෙම පහර දීමෙන් තුවාල ලැබූ මොහොමඩ් ඉක්බාලි නමැති පාකිස්තානුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාකිස්තානුවන් 07 දෙනාද සරණාගතයන් ලෙස මෙරටට පැමිණ සරණාගත මහා කොමසාරිස් කාර්යාලයෙන් සරණාගතභාවය ලබා දෙන තුරු මෙරට රැඳී සිටින අය බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් අවුරුදු 30, 29, 25, 20 සහ 18 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ