Sunday, May 11, 2025
Home » පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක්දින සේවාව මේ වසරේ ආරම්භ කරනවා -මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක්දින සේවාව මේ වසරේ ආරම්භ කරනවා -මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

by sachintha
July 20, 2023 1:00 am 0 comment

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක්දින සේවාව මේ වසරේ ආරම්භ කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවැසීය.

උතුරු පළාතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“උතුරු පළාත් කාර්යාලයේ එක්දින සේවාව ආරම්භ කරන තුරු ඒ මඟින් උතුරු පළාතේ මහජනතාවට ද යම් සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එක්දින සේවාව සඳහා ඉදිරිපත් වෙන මුළු ඉල්ලුම්පත් ප්‍රමාණය සලකා බැලූ විට උතුරු පළාතෙන් ඉදිරිපත් වන ඉල්ලුම්පත් සංඛ්‍යාව සියයට 5කට අඩු ගණනක්.

2023 වසරේ මුල් මාස 06 තුළ උතුරු පළාතෙන් එක්දින සේවාවට ඉල්ලුම් කර ඇති සංඛ්‍යාව 4968යි. මුළු ඉල්ලුම්පත් ප්‍රමාණය 112596යි. ප්‍රතිශතය සියයට 4යි. විශේෂ සහ හදිසි අවශ්‍යතාවන් සහිත ඉල්ලුම්කරුවන් පමණක් එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත යොමු වෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කාර්යාලය වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි පරිශ්‍රයේ ස්ථාපිත කර දැනටමත් මහජන සේවාවන් සපයනවා. එක්දින සේවාවන් ආරම්භ කිරීම සඳහා එහි පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් ඒ අනුව වෙනත් සුදුසු ඉඩමක් මේ වනවිට දෙපාර්තමේන්තුව වෙත ලබාගෙන ඇති අතර, එහි උතුරු පළාත් කාර්යාලය ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT