Home » සූරියවැව රක්ෂිතයේ අක්කර හතළිහක් ගින්නකට අසුවෙලා

සූරියවැව රක්ෂිතයේ අක්කර හතළිහක් ගින්නකට අසුවෙලා

by sachintha
July 20, 2023 1:00 am 0 comment

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූරියවැව රක්ෂිත භූමියේ අක්කර හතළිහක පමණ භූමියක් ඊයේ (17) වැනි දින ගින්නකට අසුවී විනාශ වී ඇති බව වාර්තා වේ.

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියවැව ගම්මානය ආසන්නයේ පිහිටි අක්කර දහස් ගණනක් පුරා විහිදෙන ත්‍රිකෝණමඩු රක්ෂිතයේ පැතිර ගිය ගින්න ශ්‍රී ලංකා යුද හමුදාව, ප්‍රදේශයේ මහජනතාව වැලිකන්ද පොලිසි‍ෙය් නිලධාරීන්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එකතුව දැඩි පරිශ්‍රමයක් දරමින් මෙම ගින්න පැතිරී යාම වැළැක්වීමට පියවර ගන්නා ලදි. පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයත් අධික සුළඟත් නිසා ගින්න විශාල ලෙස පැතිර ගිය අතර, එම භූමියේ සිටින වන සතුන්ට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පවතී. ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ මහා පරිමාණ වගාකරුවන් සඳහා ඉඩම් අක්කර දහස් ගණනින් ලබා දීමෙන් ඔවුන් වනාන්තරය විනාශ කොට ගිනි තබන බවයි. මෙලෙස ගිනි ගැනීම නිසා සූරියවැව ගම්මාන ඇතුළු ගම්මාන රැසක ජනතාවට වන අලි තර්ජන ඉහළ ගොස් ඇති අතර, නිරන්තරයෙන්ම වන අලි ගම් වැදීම ආරම්භ වී ඇති බව ගම්වැසියන් කියයි.

මෙම ත්‍රිකෝණමඩු රක්ෂිත කලාපය තුළ වන අලින් 650ක් විතර ගැවසෙන බවත් ගිනි තැබීම නිසා ඔවුන්ගේ ආහාර සම්පූර්ණයෙන්ම විනාශ වන අතර, එම සතුන් ආහාර සොයා ගම්මානවලට පැමිණෙන බව ගම්වැසියෝ පවසති.

මෙම මහා වන විනාශය නවතා ප්‍රදේශය සතුන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ගම්වැසියෝ කියති.

ඇළහැර – සරත් වෙලගෙදර මනම්පිටිය – නිමල් ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT