318
අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකු සහ තරුණ මවක අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අතුරුදන් කාන්තාවගේ ස්වාමීපුරුෂයා විසින් කළ පැමිණිල්ලක් අනුව සැකපිට පැමිණිලිකරුගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පෙරේදා (18) සවස 6.20ට පමණ පැමිණිලිකරු නිවසට පැමිණීමේදී බිරිය සහ දරුවා නිවසේ නොසිටි බව පැමිණිල්ලේ සඳහන්ව ඇති බවද පොලිසිය පවසයි.
නිවස පිටුපස මුළුතැන්ගෙය ආසන්නයේ බිම ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබෙන බවද පොලිසිය පවසයි.
ඡායාරූප
හල්තොට විනීතා ගමගේ
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක අඟුරුවාතොට – මංගල