Home » පිය පුතු සෙනෙහේ…

පිය පුතු සෙනෙහේ…

by sachintha
July 20, 2023 1:00 am 0 comment

කාලගුණ තත්ත්වය ඉඳහිට වෙනස් වෙනවා. පසුගිය දිනක මහ වැසි තත්ත්වය හේතුවෙන් පාසල අවසන් වී තම දරුවා නිවසට රැගෙන යන්නට පැමිණි තාත්තෙක් එම පාසලේ දෙක වසරේ සිටින තම පුතණුවන් සිය කර මතින් රැගෙන යන අපූරු දසුනක් අප කැමරාවේ අහම්බෙන් සටහන් කර ගැනීමට හැකි විය.

මේ දසුන දැක ගැනීමට හැකි වූයේ හෙම්මාතගම ගිනිහප්පිටිය දේවි බාලිකා මහා විද්‍යාලය අසලදීය. මාපියන් තම දරුවන් පණ මෙන් රැක ගන්නට දිවා රාත්‍රී වෙහෙස වෙති. දුක් මහන්සි වී රැකියාව කර තම දරුවන් යහපත් දරුවන් කරන්නට පුදුම විදිහේ උත්සාහයක් ගනී. නමුත් උස් මහත් වන දරුවන් තරුණයන් බවට පත් වන විට මාපියන්ගේ ආදරය සෙනෙහස හා මාපියන්ගේ වටිනාකම ගැන වැටහීමක් නැත. එවැනි කාලයක වැස්ස නිසා පාසල් මිදුලේ මඩ පිරුණු ජලය තැන තැන ඇත. සිය කරමතින් රැගෙන යන පුතාට තාත්තාගේ ආදරය සෙනෙහස තේරුම් ගැනීමට හැකි නම්… මෙම ඡායාරූපයෙන් කියැවෙන දරු සෙනෙහස දරුවෙකුට තේරුම් ගැනීමට හොඳ අවස්ථාවකි මේ.

මාවනැල්ල – සමන් විජය බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT