ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය එරට රූපලාවණ්‍යාගාර වසා දැමීමට ගත් තීරණයට එරෙහිව එරට කාන්තාවන් විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ. කාබුල් අගනුවරට රැස්වූ රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් තලේබාන් තහනමට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතාව මැඬ පැවැත්වීමට තලේබාන් හමුදාව ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ භාවිත කළ බවට ද චෝදනා එල්ල වී ඇති අතර, තහනම ඉවත් කරන තුරු විරෝධතා පවත්වන බවට ඇෆ්ගනිස්තාන රූපලාවණ්‍ය ශිල්පිනියන් ප්‍රකාශ කර තිබේ. රට පුරා ඇති රූපලාවණ්‍යාගාර වසා දැමීමට තලේබාන් රජය අගෝස්තු මස 2 වැනිදා දක්වා කාලය ලබා දී ඇත. බොරු කොණ්ඩා පැලඳීම සහ ඇහි බැම කපා සකස් කිරීම ඉස්ලාම් දහමට පටහැනි බව කියමින් පනවා ඇති මේ තහනම නිසා එරට කාන්තාවන් 60,000කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.