අගෝස්තු මාසයේ 14 වැනිදාට නියමිතව ඇති නිදහස් දිනයේදී ලාහෝර් නුවර අඩි 500ක් උසැති කුඹයක ජාතික ධජය එසැවීමට පාකිස්තාන රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ උත්සවය සඳහා පාකිස්තාන රුපියල් කෝටි 40ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රටේ තීරණාත්මක ආර්ථික අර්බුදයක් තිබියදී පාකිස්තානය එරට නිදහස් දිනය වෙනුවෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම සම්බන්ධව එරට දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන් විමතිය පළ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකයක් ලැබීමෙන් පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගනිමින් සිටින අතරතුර නිදහස් දින උත්සවයට රුපියල් කෝටි 40ක් වැය කිරීමට තීරණය කිරීම කාලෝචිත නොවන බවට ද මත පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නිදහස් දින උත්සවය වෙනුවෙන් රුපියල් කෝටි 40ක් වැය කිරීමට පාකිස්තාන රජය තීරණය කර ඇත්තේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා ඉදිරි වසර දෙක ඇතුළත අවම වශයෙන් පාකිස්තාන රුපියල් කෝටි දෙදහසක් රැස් කළ යුතුව ඇති පසුබිමකදී බව ද වාර්තා වේ.
පාකිස්තානය නිදහස් දින උත්සවයට රුපියල් කෝටි 40ක් වෙන් කරලා
by mahesh
July 21, 2023 12:55 am
0 comment
384
කලින් පුවත